Friday, March 29, 2024

General line - 0115112241

2017 අයවැයට, ජනතා යෝජනා 2200 ක්




සීතල කාමරවල සිට අයවැය සකස් කළ යුගය අවසන් කර ඇති බවත්, ජනතාවගේ දෙපා මුලට ගොස් අදහස් ලබාගෙන රට හදන අයවැයක් නොවැම්බර් 10 වැනිදා ජනගත කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ගැටලු රැසකට පිළිතුරු ලැබෙන යෝජනා රැසක් මේ වන විටත් ජාතික මට්ටමෙන් හඳුනාගෙන ඇති බවයි.

අයවැය සඳහා විවිධ ආයතන, සංවිධාන, වෘත්තීය සමිති හා පෞද්ගලික මට්ටමෙන් යෝජනා 2200කට අධික ප්‍රමාණයක් මේ වන විට තමාට ලැබී ඇති බවත්, එම යෝජනා රටේ ඉදිරි ගමනට දායක කර ගැනීම සඳහා අයවැය සකස් කිරීමේ දී සැලකිල්ලට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

2017 අයවැය යෝජනාවලිය සදහා අදහස් ලබා ගැනීම වෙනුවෙන් ගාල්ල, අක්මීමන ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ ඊයේ (29) පැවැති විශේෂ හමුවකට එක් වෙමින් අමාත්‍ය රවී කරුණානායක මේ බව කියා සිටියා.

2017-www-nethnews-lk00007 2017-www-nethnews-lk00006 2017-www-nethnews-lk00005 2017-www-nethnews-lk00004 2017-www-nethnews-lk00003 2017-www-nethnews-lk00002 2017-www-nethnews-lk00001