Thursday, March 28, 2024

General line - 0115112241

පාසල් ආශ්‍රිත ඩෙංගු වැඩිවීමේ අවදානමක්




පසුගිය කාලසීමාවේ පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක රැසක ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් රෝගීන් වාර්තාවීමේ ප‍්‍රවණතාව සීග‍්‍ර ලෙස වැඩි වී ඇති බවයි.

විශේෂයෙන් පාසල් ආශි‍්‍රතව ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමද වැඩි වී ඇති බව පාලිත මහීපාල මහතා සඳහන් කළා. නිරීක්ෂණයට ලක් කර, කීට විද්‍යා පරීක්ෂණ සිදුකළ සෑම පාසලකම මදුරුවන් බෝවීමේ ස්ථාන දැක ගැනීමට හැකි වී ඇති බවත් සඳහන් කළා.

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දැකිය හැකි දිස්ත්‍රික්ක අතර කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක හඳුනාගත හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩි දුරටත් සඳහන් කළා.