Thursday, March 28, 2024

General line - 0115112241

“යූ ආර් අ ලීඩර් පාසල් දරුවන්ට ශක්තියක්”




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ වර්ෂ පූර්ණයට සමගාමීව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයට අද (31) රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කරනු ලැබුවා.

ඒ, විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනයට සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන්. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ නෙත් එෆ්.එම් රේඩියෝව මේ ආකාරයේ හරවත් වැඩසටහනක් පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කිරීම වඩාත් අගය කළ යුතු බවයි. යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහන පාසල් දරුවන්ට ශක්තිමත් අනාගතයකට මග පාදන බවද සිහිපත් කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

යූ ආර් අ ලීඩර් වර්ෂ පූර්ණයට සමගාමීව මෙම විද්‍යාලයට පුස්තකාල උපකරණ සහ පොත්පත් ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

එම පොත්පත් රැගෙන එනු ලැබුවේ මීට පෙර යූ ආර් අ ලීඩර් වැඩසටහනට සහභාගි වූ දරු දැරියන් විසින්. නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් ජාතික බළකාය බිහිකිරීම ද මෙහිදී සිදුවූ තවත් කටයුත්තක්.


යූ ආර් අ ලීඩර් ජාතික බලකාය සෙංකඩගලින් වැඩ අරඹයි

(Oct 31, 2016 @ 13:00)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධාන කළ සමාජ සත්කාරක වැඩසටහන අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ දී මේ වනවිට ක‍්‍රියාත්මක වනවා.

මේ දක්වා පැවති යූ ආර් අ ලීඩර් වැඩසටහන්වලින් බිහි වූ නායකයන්ගෙන් සමන්විත යූ ආර් අ ලීඩර් ජාතික බලකාය පිහිටුවීම ද අද (31) සිදු වුණා.


නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වර්ෂ පූර්ණය වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

Oct 31, 2016 @ 08:00

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැත්වෙන සමාජ සත්කාරක වැඩසටහනක් අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ දී අද (31) පැවැත්වෙනවා.

මේ දක්වා පැවති යූ ආර් අ ලීඩර් වැඩසටහන්වලට එක් වූ නව නායකයින් රැසක් මේ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්. මෙහි දී එම විද්‍යාලයේ පුස්තකාලය වෙත උපකරණ සහ පොත්පත් ප‍්‍රදානය කිරීම ද සිදු වනවා.

මේ අතර යු ආර් අ ලීඩර් වැඩසටහනේ වර්ෂ පූර්ණය වෙනුවෙන් ඊයේ (30) යටිහලගල රජමහා විහාරස්ථානයේ දී අසිරිමත් මහ බෝ වන්දනාවක් ද පැවැත්වුණා. ඉන් අනතුරුව නව නායකයින්ට පැදුරු සාජ්ජයකට එක්වීමට ද අවස්ථාව හිමි වුණා.

මේ අතර මහනුවර බෙරවට්ස් විද්‍යාලයේ පැවති නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 11 වැන්න ඊයේ (30) රාත‍්‍රියේ අති සාර්ථකව නිමාවට පත්වුණා.

එහි ඡායාරූප පහතින් දැක්වේ

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008 image-www-nethnews-lk00009 image-www-nethnews-lk00010 image-www-nethnews-lk00011 image-www-nethnews-lk00012 image-www-nethnews-lk00013 image-www-nethnews-lk00014 image-www-nethnews-lk00015 image-www-nethnews-lk00016 image-www-nethnews-lk00017 image-www-nethnews-lk00018 image-www-nethnews-lk00019 image-www-nethnews-lk00020 image-www-nethnews-lk00021 image-www-nethnews-lk00022 image-www-nethnews-lk00023 image-www-nethnews-lk00024 image-www-nethnews-lk00025 image-www-nethnews-lk00026 image-www-nethnews-lk00027 image-www-nethnews-lk00028 image-www-nethnews-lk00029 image-www-nethnews-lk00030 image-www-nethnews-lk00031