Thursday, April 25, 2024

General line - 0115112241

බීච් පාටි සංවිධාන කළ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට




ජාඇල සහ උණවටුන ප‍්‍රදේශවල බලපත‍්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරමින් පැවැත්වූ රාත‍්‍රී වෙරළ සාද 2ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් වටලා තිබෙනවා.

එහිදී සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වෙරළ සාද සංවිධාන කර ඇත්තේ කාන්තාන් දෙදෙනෙකු විසින්. ජාඇල වෙරළ සාදය සංවිධාන කළ කාන්තාවගේ දියණිය ද එහි මත්පැන් අලෙවි කිරීමට යොදවා සිටි බවයි සුරාබදු නිලධාරීන් පැවසුවේ.එම සාදය සංවිධාන කළ කාන්තාව ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධව සිටි අයෙකු බවද පැවසෙනවා.

ඉකුත් සෙනසුරාදා රාත‍්‍රියේ අදාළ ස්ථාන වැටලූ බවයි සුරාබදු දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ. වැටලීම සිදුවන අවස්ථාවේ ජාඇල ප‍්‍රදේශයේ වෙරළ සාදයට දහසකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් සහභාගි වී සිට තිබෙනවා. උණවටුන වෙරළ සාදයට 1200ක වැඩි පිරිසක් සහභාගි වී සිට ඇති බවයි පැවසෙන්නේ.

ඒ අතරින් වැඩි පිරිසක් කොළඹ හා අවට ප‍්‍රදේශවලින් සහභාගිවූවන් වන අතර විදේශිකයින් පිරිසක් ද ඊට සහභාගි වී තිබෙනවා.

වැටලීමේදී මත්පැන් බෝතල් 400කට අධික ප‍්‍රමාණයක් තමන් භාරයට ගැනුණු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004