Friday, March 29, 2024

General line - 0115112241

පහක් මැරූ එකොළහ හඳුනාගැනීමේ පෙරට්ටුවට (UPDATE)




මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනා ලබන නොවැම්බර් 11 වෙනිදා තෙක් අද (31) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, රැඳවුම් නියෝග අවසන් වීමත් සමග ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය හමුවට  ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් සම්බන්ධයෙන් වන හඳුනාගැනීමේ පෙරට්ටුව ද මීළඟ නඩු දිනයේදී සිදු කිරීමටයි නියම කර ඇත්තේ.

මේ අතර අදාළ වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනිඅවි සහ ත‍්‍රීරෝද රථ 3 ක් ද කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන තිබෙනවා.


මට්ටක්කුළියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

(Oct 31, 2016 @ 09:42)

මට්ටක්කුලිය සමිට්පුර ප‍්‍රදේශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ රාජ් ශී‍්‍රකාන් නමැති තිස්හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මෙම වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය කුඩු චූටි නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවයි පැවසෙන්නේ.

ඉකුත් 23 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මීට පෙර පුද්ගලයන් සිව් දෙනෙකු මියගියා. එහි දී තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.