Thursday, April 18, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන් කොළඹ දී විරෝධතාවක




ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුවේ දී මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ හේතුවෙන් කොළඹ – කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අවුරුදු 55ට වැඩි රණවිරුවන්ට පොරොන්දු වූ වැටුප් සහ දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබෙනවා.

ඊට එක්ව සිටින පිරිස ආරක්ෂක අමාත්‍යංශය වෙත සංදේශයක් භාරදීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.