Thursday, March 28, 2024

General line - 0115112241

කොටුව මහේස්ත‍්‍රාත්ගෙන් නීතිපතිට සිහිකැඳවීමක්




ක‍්‍රිෂ් සමාගම ලබාදුන් රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද (31) විභාගයට ගැණුනා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදීයි.

මෙම සිද්ධියේ පරීක්ෂණවලට අදාළ උපදෙස් කඩිනමින් අධිකරණයට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙහි දී නීතිපතිවරයාට සිහිකැවීමක් කළා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එහි දී අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර ඒවායේ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා. මහේස්ත‍්‍රාත්වරිය අදාළ සිහිකැඳවීම සිදු කළේ ඒ අනුවයි.