Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ශ‍්‍රී පාද අඩවියට




ශ‍්‍රී පාද අඩවියේ ඉදි කෙරෙන හෝටලය පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් අද එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා.

එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්‍ෂ සුසන්ත වෙදගේ පැවසුවේ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අදාළ ස්ථානය වෙත එම නිලධාරීන් කණ්ඩායම පිටත්ව ගොස් ඇති බවයි.

ආන්දෝලනයට තුඩුදුන් මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් දා මධ්‍යම පරිසර අධිකාරියේ අවධානයට යොමු කළා. ඒ, පාරිසරික වශයෙන් සංවේදී කලාපයක සිදුවන මෙවැනි ඉදි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු වන්නේ ද යන්න පිළිබඳවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් එහි ප‍්‍රධානීන් සඳහන් කළේ අදාළ ස්ථානය පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් යොදවන බවයි.