Friday, March 29, 2024

General line - 0115112241

වාද්දුවේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි




වාද්දුව දුම්රිය ස්ථානය අසළ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත‍්‍රික වෑද්දුම්කරුවෙකු ලෙස සේවය කළ 59 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අලුයම රාජකාරී සඳහා යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණ වී නැහැ. වාද්දුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.