Saturday, April 20, 2024

General line - 0115112241

රණවිරුවන් පැමිණ ලෝටස් පාර වහයි




රණවිරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය කොළඹ කොටුවේ ලෝටස් පාර අවහිර කරමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා.

එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ පොරොන්දු වූ පරිදි වැටුප් දීමනාව නොලැබීමට විරෝධය පාමින් මෙය සංවිධානය කර ඇති බවයි.

රණවිරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ කැඳවුම්කරු සඳහන් කළේ ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් පූර්ණ ආබාධිත රණවිරුවන් පවා ගෙන්වමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් අරඹන බවයි.