Friday, April 26, 2024

General line - 0115112241

අද සිට දුරකතන ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි




අද සිට වැට් බද්ද 15‍% තෙක් ඉහල නැංවීම ක‍්‍රියාත්මක වීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදු වනවා.

භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙනවා.

දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15‍% ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48‍% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව තවත් බදු වර්ග දෙකක් අයවනවා. ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය වෙනවා.

දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බවත් සඳහන්.