අමෙරිකාවේ ඩලස් නගරයේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථාන රැසක ආරක්‍ෂාව තර කර තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉකුත්දා ඩලස් නගරයේ පැවති විරෝධතාවක් අතර සිදුවූ වෙඩි ප‍්‍රහාරයෙන් පසු අමෙරිකානු ආරක්‍ෂක අංශ මෙම පියවර ගෙන ඇති බවයි.
අදාළ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මියගියා. තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ. අමෙරිකානු පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් කළු ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිවලට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here