Wednesday, April 24, 2024

General line - 0115112241

දෙවන ඉනිමේදී දිමුත්ගෙන් ශතකයක් (UPDATE)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය දෙවන ඉණිම ක‍්‍රීඩා කරමින් සිටිනවා.

අද දිනයේ ශ‍්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් වුණා.

මෙය ඔහුගේ සිව්වැනි ටෙස්ට් ශතකය වනවා. දෙවැනි ඉණිම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව මීට නොබෝ වේලාවකට පෙර කඩුලු පහක් දැවී ලකුණු 233 ක් රැස්කර ගෙන සිටියා.


සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 169ක් ඉදිරියෙන්

(Nov 1, 2016 @ 09:12)

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී තවත් කඩුලු 10ක් අතැතිව ලකුණු 169ක් ඉදිරියෙන් සිටීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

තරගයේ තුන්වන දිනය වූ ඊයේ (31) තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 5ක් රැස්කරගෙන සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 373ක් රැස්කරගත්තා. ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 537යි. තරගය පැවැත්වෙන්නේ හරාරේ ක‍්‍රීඩාංගණයේදීයි.