Thursday, April 25, 2024

General line - 0115112241

දීපවාලි සැමරුම්වලින් පසුව ඉන්දියාවේ අගනුවර අනතුරක




දීපවාලි සැමරුම් වෙනුවෙන් දැල්වුණු විශාල ප‍්‍රමාණයේ ගිණිකෙළිවලින් නැගුණු දුමාරය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉතා අනතුරුදායක මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ගිනිකෙළිවලින් වර්ණවත් වූ රාත‍්‍රියෙන් පසුව නගරයේ බොහෝ ප‍්‍රදේශ තද දුමාරයකින් වැසී තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍යයට බරපතළ හානි නොකරන බවට නිර්දේශ කරනු ලැබ ඇති මට්ටමට වඩා තිස් ගුණයක අගයකින් දිල්ලි නුවර වායු දූෂණය වී ඇතැයි සඳහන්.

පැතිර ගිය ඝන දුමාරයේ සියයට 70කට හේතු වී තිබුණේ රතිඤ්ඤා දැල්වීමයි. දීපවාලී උත්සවය වෙනුවෙන් ඉන්දීය වැසියන් අමෙරිකානු ඩොලර් කෝටි හතරහමාරක් වියදම් කර ගිනිකෙළි දල්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.