Thursday, April 25, 2024

General line - 0115112241

චීනයේ ගල්අඟුරු ආකරයක පිපිරීමක් – 13ක් මරුට




චීනයේ ගල්අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ පමණ තොරතුරු නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගෑස් කාන්දුවක් පිපිරීමට හේතු වී ඇතැයි සඳහන්. පිපිරීම සිදුවන අවස්ථාවේ ගල්අඟුරු ආකරයේ සිටි තවත් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බවට ද වාර්තා පළ වනවා.

ඔවුන් බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද කි‍්‍රයාත්මකයි.