Thursday, April 25, 2024

General line - 0115112241

විශාල ශබ්දයක් සමග කුණු කන්ද නාය යයි – නිවාස රැසක කැළි කසල පිරේ (PHOTOS)




අම්බුළුවාව කුණු කන්ද නැවත වතාවක් නාය යෑමෙන් නිවාස රැසකට කැළි කසල ගසාගෙන විත් තිබෙනවා. එමෙන්ම ගම්මානයේ නිවාස 30 කට පමණ පිවිසීමට නොහැකිව මාර්ග රැසක් කැළි කසලවලින් පිරී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඊයේ (31) රාත්‍රියේ සහ අද (01) අලුයම විශාල ශබ්දයක් සමගින් මෙම කුණු කන්ද නාය ගොස් ඇති අතර කිලෝමිටර් 5 ක පමණ ප‍්‍රදේශයකට කැළි කසල පැමිණ තිබෙනවා. නිවාස කිහිපයක අභ්‍යන්තරයටද මෙම කැළි කසල පැමිණ ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. නිවැසියන්ගේ එදිනෙදා පරිභෝජනයට ගන්නා භාණ්ඩ රැසක් මේ හේතුවෙන් අපවිත්‍ර වී ඇති බවත් සඳහන්. ජනතාව පානීය අවශ්‍යතා සපයා ගන්නා කුඩා ඔයටද මෙම කැළි කසල එකතුවීම හේතුවෙන් එය ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමක පවතිනවා.

ප්‍රදේශයට පවතින වැසි සහිත තත්ත්වයත් සමග මෙම නාය යෑම සිදු වී ඇති අතර තවදුරටත් වැසි පවතින හෙයින් අම්බුළුවාව වත්තේකඬේ රත්මල්කඩුව කොටසේ පවුල් 40 කට ආසන්න පිරිසක් නැවත වතාවක් අවදානමකට ලක් ඇති බවත් සඳහන්.

පසුගිය මැයි මාසයේ 17 වැනි දින ද මේ ආකාරයෙන් කුණු කන්ද නාය යෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබුණා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008