Tuesday, April 16, 2024

General line - 0115112241

ලොකු ආඳෙක් කැකිරාවෙන් (PHOTOS)




අඩි 05 ක් පමණ දිගැති කිලෝ 12 ක් පමණ බරැති විශාල ප‍්‍රමාණයේ ආඳෙකු කැකිරාව ප‍්‍රදේශයේ මහවැලි ඇළකින් හමුවී තිබෙනවා.

තිබ්බටුවැව ප‍්‍රදේශයේ මහවැලි ඇළකදී ඊයේ (09) මෙම ආඳා තමන්ට හමුවූ බව කැකිරාව කොරසගල්ල ප‍්‍රදේශයේ පදිංචි දිනූෂ සම්පත් ජයවර්ධන පැවසුවා.

තමන්ට හමුවූ විශාල ආඳා පිළිබඳව අදහස් දැක්වූ සම්පත් මහතා,

“මේ වගේ විශාල ආඳෙකු මම මගේ ජීවිත කාලයටම දැකල නැහැ. මේ අය අපේ පරිසරයේ ජීවත්වන අහිංසක සත්තු. මේ ආඳාට හොඳින් වැඩුණු සිරුරක් තියෙනවා. බර කිලෝ 12 ක් විතර ඇති. මේ ආඳා ප‍්‍රදේශයේ වැවකට ඇළකට දැම්මොත් කවුරු හරි අල්ලගෙන මරාගෙන කයි. එහෙම වුනොත් ඒක මම මේ අහිංසක සතාට කරන ලොකු අපරාධයක්. දැන් මේ පළාතෙත් ආඳන් වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මේ ආඳාව රටේ හැමෝටම දැකබලා ගන්න පුළුවන් වෙන්න දෙහිවල සත්තු වත්තට භාර දෙන්න මම තීරණය කළා. මේ වගේ සතුන් මතු පරපුර වෙනුවෙන් අපි ආරක්ෂා කළ යුතුයි.”

60 (1) 60 (2) 60 (3) 60 (4) 61