Wednesday, April 24, 2024

General line - 0115112241

පාසල් 27 කට ගිනි තියලා




කාශ්මීරයේ පාසල් 27 ක් ගිනි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් පමණ මෙලෙස ගිනි තබා විනාශ කර තිබෙනවා.  එමෙන්ම ඉන්දු – පාකිස්තාන දේශ සීමා ගැටුම් හේතුවෙන් පාසල් 200ක් පමණ වසා දැමීමට සිදු වී තිබෙනවා.

ජාතීවාදි ගැටුම් මුල්කරගනිමින් පාසල් ශිෂ්‍යයින්ට ද පහර දී ඇති බවත් පාසල් රැසක ගොඩනැගිලි යුද ක්‍රියාකාරකම් සදහා යොදාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රදේශයේ පාසල් රැසක් කාශ්මීරයේ ඇති වූ ජාතිවාදී ගැටුම් වල ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

_92204996_036155054-1 _92204998_036155034-1 _92205000_036155046-1