Saturday, April 20, 2024

General line - 0115112241

මොසුල් උණුසුම් – IS නායකයාගෙන් දුර්ලභ පණිවුඩයක්(PHOTOS)




අයි එස් අයි එස් ත්‍රස්තයින්ගේ නායකයා ලෙසින් සැලකෙන අබුබකර් අල් බග්දාදි රේඩියෝ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ මෝසුල් නගරය අත්පත් කරගැනීමට ඉරාක හමුදා ඉදිරියට පැමිණියත් පසුබස නොයන ලෙස IS ත්‍රස්තයන්ට පවසමින්.

ඔහු මේසේ පණිවුඩයක් නිකුත් කිරීම දුර්ලභ සිදුවීමක් ලෙසයි දැක්වෙන්නේ.

මොසුල් නගරයේ සිටින 5000 අධික අයි එස් ත්‍රස්තයන්ට ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ භූමිය රැකගන්නා ලෙසත් අපකීර්තියට වඩා දහස් වරක් එය හොඳ බවත්ය.

කෙසේ වෙතත් අබුබකර් අල් බග්දාදි සිටින තැන අදටත් අභිරහසක්.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ඉරාකයේ එකම බල කඳවුර වන මොසුල් යළි අත්පත් කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මීට සති කිහිපයකට පෙර ආරම්භ වුණා.

මෙම මෙහෙයමුට ඉරාක රජයේ හමුදා මෙන්ම කුර්දි පෙෂ්මෙර්ගා සටන්කාමීන්, සුන්නි අරාබි සටන්කාමීන් හා ෂියා මුස්ලිම් සටන්කාමීන් සහභාගී සිටින අතර ඇමෙරිකා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරක ශක්තියද ඊට ලැබී තිබෙනවා.

මෙම මෙහෙයුම මේ වන විට මොසුල් දේශ සීමාවට ඇතුළු වී තිබෙන බවයි වාර්තාවන්නේ.

6666

324455

3453453

3455645

 

4356666

4454545

east-mosul

east-mosul-1

324455

2342342

3453453

3455645

3456456

4356666

4454545

4756678

5645645

34536222

456475868

567576444

646575675

6576789686

45675675675

456454564654

east-mosul