Saturday, April 20, 2024

General line - 0115112241

ජනපතිවරණයට දින දෙකයි : හිලරි – ට්‍රම්ප් කරට කර සටනේ




අමෙරිකානු ජනාධිපතිවරණ සටන මේ වන විට වඩාත් උණුසුම් වී තිඛෙනවා.

ඒ, ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව වී තිඛෙන්නේ තවත් දින කිහිපයක් පමණක් වීම නිසායි.

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක හිලරි ක්ලින්ටන් සහභාගී වූ රැළියක් ඊයේ ඔහියෝ හිදී පැවැත්වුණා. ප්‍රකට රැප් ගායකයෙකු වන Jay-Z සහ ඔහුගේ බිරිඳ වන ගායන ශිල්පිනී බියොන්සේ ද මෙම රැළිය සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.

රැළිය අවසානයේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුණා. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ රැළියක් ඊයේ පැවැත්වුණේ නිව් හැම්ෂයර් හිදීයි. හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවුණහොත් අමෙරිකාව ප්‍රබල අවදානමකට ලක්වන බව එහිදී ප්‍රකාශ කෙරුණා.

බී.බී.සී. ලෝක සේවයට අනුව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී ඇත්තේ ජනාධිපතිවරණයේදී සියයට 45 බැගින් ඡන්ද ප්‍රතිශතයක් මෙම අපේක්ෂකයින් දෙදෙනාටම ලැඛෙනු ඇති බවයි. කෙසේ වෙතත් සැලකිය යුතු තරම් අමෙරිකානුවන් පිරිසක් තවමත් ඔවුන් ඡන්දය ලබාදෙන්නේ කාටදැයි අවසන් වශයෙන් තීරණය කර නැතැයි ද සමීක්ෂණවලින් හෙළි වී තිඛෙනවා.

මේ අතර ජනාධිපතිවරණයට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට එෆ්.එම්. අයි. රහස් ඔත්තු සේවයට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් තවදුරටත් සොයාබලන බවයි අමෙරිකානු පොලිසියි පවසන්නේ. නිව්යෝර්ක්, ටෙක්සාස් සහ වර්ජනියා යන ප්‍රාන්ත වඩාත් වැඩි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිඛෙනවා.

112942967-beyonce-clinton-news-large_transbijpif0lqtqpt1ykr0colxeslomcpogdh2oi71d23-e 112942001-trump-rally-large_transgsao8o78rhmzrdxtlqbjdebghfezvi1pljic_pw9c90 112942960-epa-clinton-jayz-beyonce-large_transqvzuuqpflyliwib6ntmjwvunodumlyl5gxr0jh5-nsq