Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල කළු පටි බැඳීමට සැරසෙයි




සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට (06) ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කළු පටි පැළඳ පිටියට පිවිසීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වනවා. ඒ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන්ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහායි.

මේ අතර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද, ජාතියෙන් සමුගත් පණ්ඩිත් අමරදේවයන්ට ශෝකය පළ කරමින් ට්විටර් සටහනක්ද තබා තිබෙනවා.

සංගක්කාර පවසන්නේ හෙලයේ විශිෂ්ඨ හඬ දැන් නිහඬ වී ඇති බවයි.

දශක ගණනාවක් අරුත් බර ගීතවලින් පින වූ අමරදේවයන් සදා අමරණීය බවයි මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

mahela

sanga