Wednesday, April 24, 2024

General line - 0115112241

උපුල් තරංගට නායකත්වය – කුලසේකරත් කැඳවයි




සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා නුවන් කුලසේකර ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා. ඊට සහභාගි වන කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (05) නම් කළා.
එහි නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගයි. උප නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම්කර තිබෙනවා.

නිත්‍ය නායක අන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් උපුල් තරංග තුන්කොන් එක්දින නායකත්වයට කළ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

දිනේෂ් චන්දිමාල්ද සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන්නේ නැහැ.

සචිත් පතිරණ, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දසුන් ශානකද තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලිය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

14947783_419465078177208_3711211983533839355_n

මේ අතර ශී‍්‍ර ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය හරාරේදි හෙට (06) ආරම්භ වීමට නියමිතයි.