Friday, April 19, 2024

General line - 0115112241

මෛත්‍රී රාෂ්ඨපති භවන්හිදී මුකර්ජී හමුවෙයි (UPDATE)




දුම්කොල භාවිතය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පවත්වනු ලබන විශේෂ සමුළුව නවදිල්ලි නුවරදී අද (07) ආරම්භ වනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා වේලාවෙන් දහවල් 12.30 ට පමණ මෙම සමුළුව ඇමතීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි අතර හමුවක් ඊයේ (06) පැවැත්වුණා.

ඒ, ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ඨපති භවන්හිදීයි.

ඊයේ පස්වරුවේ ඉන්දීය ජනාධිපති නිල නිවසට පැමිණි මෛතී‍්‍රපාල සිරිසේන මහතාව ඉන්දීය ජනාධිපතිවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. අනතුරුව රාජ්‍ය නායක දෙපළ ඉතා සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

රාජ්‍ය නායක ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. අතීතයේ සිට පැවත එන ඉන්දු – ශී‍්‍ර ලංකා සබදතා ශක්තිමත් බැදීමකින් ඉදිරියට ගෙනයාම පිළිබද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

 


ජනපති ඉන්දියාවට පැමිණෙයි

(Nov 6, 2016 @ 20:50 )

ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත අද (06) පස්වරුවේ පැමිණියා.

ඉන්දිය රජයේ විශේෂ දූත පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයා හරසරින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දුම්කොළ භාවිතය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන විශේෂ සමුළුව හෙට ආරම්භ වනවා. එහි ආරාධිත දේශණය සිදුකරනු ලබන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතායි.


ජනපති ඉන්දියාවට

Nov 6, 2016 @ 17:10

දුම්කොළ භාවිතය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන විශේෂ සමුළුවේ ආරාධිත දේශණය පැවැත්වීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (06) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් මෙම සමුළුව හෙට (07) ඇරඹෙන්නේ නවදිල්ලි නුවරදීයි. සමාරම්භක දිනයේදීම ජනාධිපතිවරයා සිය විශේෂ දේශණය සිදුකරනු ඇති.

දුම්කොළ භාවිතය පාලනය කිරිමට ඍජුව ඉදිරිපත් වෙමින් රජයේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාවයි.

රට තුළ දුම්කොළ භාවිතය අවම කිරීමට ජනාධිපතිවරයා ගෙන යන සුවිශේෂි වැඩපිළිවෙල අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ආරාධනය සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජිද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.


ජනපති අද ඉන්දියාවට

Nov 6, 2016 @ 06:23

දුම්කොළ භාවිතය පාලන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (06) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීයාවේ නවදිල්ලි නුවරදීයි. එහි ආරාධිත දේශනය ජනාධිපතිවරයා විසින් හෙට (07) සිදු කිරීමට නියමිතයි. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සමුළුව අමතනු ඇති.

සමුළුවට සමගාමීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

එය බොහෝ දුරට හෙට පස්වරුවේ පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.