Tuesday, April 23, 2024

General line - 0115112241

පානදුර උතුර පොලිස් ස්ථානයේ කඨින පිංකමක්




ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් පානදුර උතුර පොලිස් ස්ථානය කඨින මහා පිංකමක් සංවිධාන කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් ප‍්‍රසන්න පැවසුවේ අද (06) දින කඨින චීවරය සහ ධාතු කරඬුව වඩම්වා දින 6ක් පොලිසියේ තැන්පත් කර තිබෙන බවයි.

ඉන් අනතුරුව 12 වන දින කඨින චීවරය සහ ධාතු කරඬුව පොලිස් ස්ථානයේ සිට පල්ලිමුල්ල සිරිනිවාසාරාම විහාරස්ථානය වටා වීථී සංචාරය කරවීමට සූදානම් කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.