Saturday, April 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත පා ගමනක්




යහපාලන ආණ්ඩුවට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා.

මාතර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ලක්‍ෂ 5 කට අධික ජනතාවක් ඒකරාශි කර ගනිමින් මෙම විරෝධතා පා ගමන පවත්වන බවයි. මේ මස අවසානයේ එම විරෝධතා පා ගමන පවත්වන බවද මන්තී‍්‍රවරයා සදහන් කළා.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරියේදී පිහිටුවීමට නියමිත දේශපාලන බලවේගය සම්බන්ධයෙන්ද මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී කරුණු දැක්වුවා. එහිදී හෙතෙම සඳහන් කළේ සියලු ජාතීන්ට අයත් සාමාජිකයන් හා එක්සත් ජාතික පක්ෂයේ කලකිරී ඇති විශාල පිරිසක් ඊට එක්වීමේ අපේක්ෂාවෙන් ඇති බවයි.