Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන්වන කඩුල්ලත් බිද වැටෙයි




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 2 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුළු 3 ක් දිවා ආහාරය වනවිට බිද වැටී අවසන්. ඒ, ලකුණු 105 ක් තුළයි.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 26 කට දැවී ගියා. කුසල් ජනිත් පෙරේරාට අද දිනයේ රැස්කර ගත හැකි වුයේ ලකුණු 4ක් පමණයි. කෞෂාල් සිල්වා ලකුණු 37 කට දැවී ගියා. ඒ, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්.

කෙසේවෙතත් පුනරූපන දර්ශනවලින් පෙනී ගියේ ඔහු නොදැවුණු කී‍්‍රඩකයෙකු ලෙසයි. විනිසුරු තීරණය යළි විමසීමේ ක‍්‍රමය මෙම තරගයේදී කි‍්‍රයාත්මක වුවද කෞෂාල් සිල්වා ඒ සඳහා ඉල්ලීම් කිරිමට ප‍්‍රමාදවීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව ගිලිහි ගියා.

විනිසුරුවරයා ලබාදුන් තීරණයක් යළි විමසා බැලීම සදහා 3 වන විනිසුරුට යොමු කිරීමට පිතිකරුවෙකුට හිමිවන කාලය තත්පර 15 ක්.

download