Friday, April 19, 2024

General line - 0115112241

ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ… ඇඟටත් අමාරුයි – ගුවන් සේවිකාව දුෂණය කළ පලාගිය…



මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයේ නිරත ගුවන් සේවිකාවක් යුද හමුදා සේවය අතහැර දමා පලාගිය සෙබළෙකු විසින් අතවරයට ලක් කර ඇති පුවතක් වැලිකඩ පොලිස් වසමෙන් වාර්තා වනවා.

තනිකඩව ජීවත් වූ මෙම ගුවන් සේවිකාවට අතවර කර ඇත්තේ අසළ නිවසක පෙදරේරුවකු ලෙස මෙම පුද්ගලයා සේවය කරමින් සිටියදී බවයි පැවසෙන්නේ.

ඇගේ කාමරයේ සැඟවී සිට මරන බවට තර්ජනය කරමින් පැය දෙකක්‌ ඇතුළත කිහිප වරක්‌ම දූෂණය කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

“ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ… ඇඟටත් අමාරුයි. මට නාන කාමරයට යන්නත් ඕනෑ. විනාඩියෙන් ගිහින් එන්නම්” යනුවෙන් මෙම පුද්ගලයාව රවටා ඇති ඇය ජංගම දුරකථනය සඟවා ගෙන නාන කාමරයට ගොස් පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට තොරතුරු දැනුම් දී තිබෙනවා.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඒ අනුව අදාළ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.