Friday, April 19, 2024

General line - 0115112241

කෝටි හතරේ රන් කොල්ලය මෙහෙයවූ SI දැලේ




කොළඹ පිටකොටුවේ ලෝගූර් වීදියේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයකින් රුපියල් කෝටි 4 ක් පමණ වටිනා ස්වාර්ණාභරණ තොගයක් කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයු වූ බව කියන උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගලෙන්බිදුණුවැව, කුරුළුනිකවැව ප‍්‍රදේශයේදීයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළ මෙහෙයුමකදී සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ඔහුගේ ඥාති නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගැණුනා.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සමග මෙම රන් භාණ්ඩ කොල්ලය සිදුකළ ඔහුගේ ඥාතියෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ උප පොලිස් පරීක්‍ෂකවරයා කැළණිය කොට්ඨාසයේ පොලිස් ස්ථානයක බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාව සිටියදී පාතාල කල්ලියක් සමග එක්ව මෙම කොල්ලය සැලසුම් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

ඉකුත් සැප්තැම්බර් මස 17 වැනිදා මෙම රන් භාණ්ඩ කොල්ලය සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගැණුනු සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරනවා.