Thursday, March 28, 2024

General line - 0115112241

විරෝධතාකරුවන්ට පොලිසියෙන් ගම්මිරිස් දියර ප්‍රහාර (VIDEO)




විරෝධතාවයකදී උද්ඝෝෂකයන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් දියරය විඳීමට ගත් උත්සහයක් සමග පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පොර බැදීමක් සිදු වූ පුවතක් හොංකොංවලින් වාර්තා වනවා.

හොංකොං කලාපයේ දේශපාලනය කටයුතු කෙරෙහි චීන මහ ආණ්ඩුවේ මැදිහත් වීමට විරෝධය පාමින් දහස් ගණනක් හොංකොං ජනතාව මෙලෙස වීදි බැස සිටිනවා.

හොංකොං පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින නියෝජිතයන් දෙදෙනෙකුට දිවුරුම් දීමට අවසර ලබා නොදෙමින් චීන මහ ආණ්ඩුව කර ඇති මැදිහත් වීමට එරෙහිව උද්ඝෝෂකයන් මෙලෙස  විරෝධය පළ කරනවා.

හොංකොං කලාපය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට ඉල්ලා සිටින්නන් වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම මහජන නියෝජිතයන් දෙදෙනාට තවම දිවුරුම් දීමට ඉඩ ලබා දී නැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.