Thursday, April 18, 2024

General line - 0115112241

තාත්තා අම්මාට වදදෙනවා..! කුඩා දරුවෙක් පාසල් ඇඳුමෙන්ම පොලිසියට ඇවිත් කියූ දුක්බර කතාව



සිය මවට පියා විසින් නිතර නිතර සිදුකරන මරණීය තර්ජන හා අමානුෂික පහරදීම් නවතා දෙන ලෙස ඉල්ලමින් ‍12 හැවිරිදි දරුවකු පාසල් නිල ඇඳුමෙන්ම පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.

මේ තත්වය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වී තිබෙන බවත්, තමන්ට නිවෙසේ සිටීමට පවා නොහැකි කලකිරීම් තත්ත්වයක් උදා වී ඇති බවත් ඒ නිසා තම පියාට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලමින් එම සිසුවා පසුගියදා පැමිණිළිකර ඇත.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.