Thursday, March 28, 2024

General line - 0115112241

සිම්බාබ්වේ තරග සංචාරයේ ලංකා පිලේ නිල අනුග්‍රාහකත්වය Blue Mountain – Achilleion හිමිකර ගනියි




දේපළ සංවර්ධන ක්ෂේ්ත්‍රයේ දැවැන්තයෙකු වන Blue Mountain හි නවතම තරු – හත පන්තියේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය, වන Achilleion විසින්, 2016 වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සහ සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නිල අනුග්‍රාහකත්ව අයිතිය හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ රංගන හේරත් විසින් වන අතර මේ වනවිට ඔහු සිය කණ්ඩායම සමග සිම්බාබ්වේ බලා පිටත්ව ගොස් සිටියි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉන් පළමුවැනි තරගය ඔක්තෝබර් 26 වැනිදා හරාරේහිදී ඇරඹෙන අතර දෙවැනි තරගය එළැඹෙන නොවැම්බර් 6 – 10 දක්වා හරාරේහිදී පැවැත්වීමට නියමිතය. මෙම ටෙස්ට් තරග දෙකට අමතරව තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමග තරග වැදීමට නියමිත අතර එම තරගාවලිය නොවැම්බර් 14 – 27 දක්වා පැවැත්වීමට නියමිතය.

Blue Mountain සමාගම් සමූහයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටින්නේ,

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට නිල අනුග්‍රාහකත්ව අයිතිය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව අප ඉමහත් සතුටට පත්වනවා. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සහ ඉන් අනතුරුව ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ද මෙම නිල අනුග්‍රාහකත්ව අයිතිය හිමිකරගැනීමට සමාගමට අවස්ථාව හිමිව තිඛෙනවා.

ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතයේම කොටසක්. එබැවින් එවන් වූ ක්‍රීඩාවක් වෙනුවෙන් සහාය දැක්වීමට හැකිවීමෙන් පෙනී යන්නේ, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සතුටින් පුරවාලමින් ඔවුන්ගේ අපේක‍ෂාවන් ඉටු කරදීම වෙනුවෙන් අපි දරන දැවැන්ත පරිශ්‍රමයයි. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ ඉතාම තීරණාත්මක මෙන්ම වැදගත් මොහොතක් ගතකරමින් සිටින තරුණ ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම සිය කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩා කෞෂල්‍යයන් යළි ශක්තිමත් කර ගනිමින් නැවත ගොඩනැගෙන්නට වෙරදරමින් සිටින මෙවන් අවස්ථාවක Blue Mountain – Achilleion හට ඒ වෙනුවෙන් සහාය දැක්වීමට හැකිවීම පිළිබඳව අප ඉමහත් සතුටට මෙන්ම ආඩම්බරයට පත්වනවා.

මෙම තරුණ කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ජයග්‍රහණයන් හිමිකර ගැනීම ගැන සිහින දකින්නාක් මෙන් Blue Mountain – Achilleion ද ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකෙරෙන, ඉහළ බලාපොරොත්තු තබා ඇති තරු-හත පන්තියේ සුඛෝපභෝගී නවතම නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය ගොඩනැංවීම සඳහා ගෝලීය දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ අති දැවැන්තයකු වන සිංගප්පූරුවේ Palmer and Turner Group හා එක්ව ජාත්‍යන්තරය සමග අත්වැල් බැඳගෙන තිඛෙනවා. මේ වනවිට Achilleion, ජාත්‍යන්තර සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබ තිඛෙනවා. ඒ අතරට ගැනෙන, 2016/2017 ආසියා පැසිෆික් දේපළ සංවර්ධන උළෙළේදී (Asia Pacific Property Awards) විශිෂ්ටතම සුඛෝපභෝගී ප්‍රදර්ශන මන්දිර ( Luxury Show Apartments) සඳහා වන ගෞරව සම්මානය Achilleion විසින් හිමිකරගනු ලැබුවා. අන්තර්ජාතික ක්‍රිකට් තරග සමග මෙම සම්බන්ධතාවය  ඵලදායී කටයුත්තක් වනු ඇතැයි අප විශ්වාස කරනවා”.

bma-trophy