Friday, April 19, 2024

General line - 0115112241

ධනංජය ද සිල්වා වේගයෙන් ඉදිරියට




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ ධනංජය ද සිල්වා ලකුණු 127කට දැවී ගියා.

එය ධනංජයගේ දෙවන ටෙස්ට් ශතකයයි. ඔහු අසේල ගුණරත්න සමග 6වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 87ක්.

අසේල නොදැවී ලකුණු 45ක් රැස්කරගෙන සිටිනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 06ක් දැවී ලකුණු 362ක් රැස්කරගෙන සිටියා.

ධනංජය ද සිල්වා මේ වන විට ටෙස්ට් තරඟ 4කට සහභාගී වී තිබෙනවා. එහිදී ටෙස්ට් ශතක දෙකක් සහ අර්ධ ශතක 2ක් ලබා ගැනීමට සමත් වුණා.

ධනංජය මේ වන විට 25වන වියේ පසුවනවා. ටෙස්ට් තරග 4 තුළදී ඔහු ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 414ක්. ඔහුගේ සාමාන්‍ය 59.14ක්. ටෙස්ට් තරගයකදී ඔහු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 129ක්

ඒ අනුව ශ්‍රී ලංකා කණඩායමේ මැද පෙළ පිතිකුරුවෙකු ලෙස ලකුණු ලබාගැනීමේ දළ වේගය අනුව ඔහු මේ වන ඉදිරියෙන් සිටිනවා.

ධනංජය සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගයේදීයි.

dssf

download-1