Friday, April 26, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන්ගේ විරෝධය අවසන්




ආබාධිත රණවිරුවන් දින 8ක කාලයක් සිදුකළ සිය විරෝධතාව අද අවසන් කළා. ඒ, වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීමත් සමගයි.

විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මෙය ලිඛිතව ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක්ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවයි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට තීරණය කර තිබෙනවා.