Thursday, March 28, 2024

General line - 0115112241

බඹරුන් නිසා දඹුල්ලේ පාසලක දරුවන්ට නිවාඩු (VIDEO)




දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් සඳහා හදිසියේ නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ, විද්‍යාලයේ ගොඩනැගිල්ලක බඹර වදයක් බැඳීම හේතුවෙන්. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර කලාප අධ්‍යාපන කාර්යාලයේ ද උපදෙස් මත දරුවන්ට නිවාඩු ලබාදුන් බවයි විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ. ජයානන්ද පැවසුවේ.

මේ පිළිබඳ සීගිරිය වනජීවී කාර්යාලයට ද දැනුම් දී තිබෙනවා. මේ වන විට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බඹර වදය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

school-www-nethnews-lk00001 school-www-nethnews-lk00002 school-www-nethnews-lk00003 school-www-nethnews-lk00004 school-www-nethnews-lk00005 school-www-nethnews-lk00006