Friday, April 19, 2024

General line - 0115112241

ධනංජය, රෝයි ඩයස් පසුකර යයි




සිය පළමු ටෙස්ට් තරග 5 තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ශ‍්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට ධනංජය ද සිල්වා අද සමත් වුණා.

ඔහු මේ වන විට සිය පළමු ටෙස්ට් තරග 5 අවසන් වීමටත් පෙර රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 541ක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රෝයි ඩයස්. ඔහු රැුස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 529ක්.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉනිමේදී ධනංජය ලකුණු 127ක් රැස්කළා.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අසේල ගුණරත්න ලකුණු 116යි. ශ‍්‍රී ලංකා පළමු ඉනිම සියලූදෙනා දැවී ලකුණු 504යි.