Saturday, April 20, 2024

General line - 0115112241

උදයංග වීරතුංගගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්




රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ, තමාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසියට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස දක්වමින්. ඒ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළවයි.

මෙම පෙත්සම මගින් ඔහු ශ‍්‍රී ලංකා මහබැංකුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු පාර්ශව 8ක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකා මහබැංකුව මගින් තම බැංකු ගිණුම් තහනම් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවද උදයංග වීරතුංග සිය පෙත්සමෙන් දක්වා තිබෙනවා.