Friday, April 19, 2024

General line - 0115112241

වසන්ත ඝාතනයේ ප‍්‍රධාන සැකකරුගේ ඇප ඉල්ලීම ඉවතට




කරාටේ ශූර අනුරාධපුරයේ වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන හිටපු විශේෂ බළකා සෙබළාගේ ඇප ඉල්ලීම උතුරු මැද පළාත්බද මහාධිකරණය අද (07) යළි ප‍්‍රතික්ෂේප කළා.

මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ සැකකරු මේ මස 11 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

කරාටේ ශූර වසන්ත සොයිසාට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකර දේපළ හානිකිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව සිටිනවා.