Saturday, April 20, 2024

General line - 0115112241

පස් කපන අතරේ මැණික් ගරලා




මොරගහකන්ද ව්‍යාපෘතියට පස් කපන අතරේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය පතල් කැපීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

මේ පිළිබඳව ජනතාවගෙන් තොරතුරු ලැබී ඇති බවද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළා.

මෙම ජාවාරම ඇලහැර කිරිඔය දිගන්නාව විල්ලුව කන්ද පාමුල සිදු කර ඇතැයි අනාවරණය වුණා.

ජාවාරම්කරුවන් විසින් පස් කැපීම් අතරතුර මැණික් සහිත ඉල්ලම් පස් වෙනම කැපීම සිදු කර තිබෙනවා.

මෙහිදී ඉතා විශාල ලෙස අසල පිහිටි රජයේ ඉඩමක ගොඩගසා තිබූ ඉල්ලම් කියුබ් 40 කට අධික ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

dsc04046 dsc04047 dsc04056 dsc04058 dsc04063 dsc04074 dsc04091 dsc04103