Thursday, March 28, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන්ට සළකපු විදිහ ගැන අගමැතිත් වාර්තාවක් ඉල්ලයි




කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ දැරූ පිරිසකට කඳුළුගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍ය සාගල රත්නායක වෙත අග‍්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළා.

එ් අනුව එ් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම් නිශාන්ත වීරසිංහ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළත්.

කමිටු වාර්තාව ලබන 10 වැනිදා වන විට ලබාදෙන ලෙස අමාත්‍ය සාගල රත්නායක එම කමටුවට උපදෙස් ලබාදී තිබෙනවා.