Friday, March 29, 2024

General line - 0115112241

“අමෙරිකාව අලියාටද? – බූරුවාටද?” – තීන්දුව පැය කිහිපයකින්




මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනෙන ඡන්ද විමසීම හේතුවෙන් අමෙරිකාව මේ වන විට වඩාත් උණුසුම් වී තිබෙනවා.

ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන නිල් පැහැයෙන් බූරුවා ලකුණෙන් තරග වදින හිලරි ක්ලින්ටන් සහ අලියා ලකුණින් රතු පැහැයෙන් තරග වදින ඩොනල්ඞ් ට‍්‍රම්ප් අදත් ප‍්‍රචාරක රැළිවලට එක්ව සිටියා.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිටින විශේෂ නියෝජිත ධනුෂ්ක රාමනායක සඳහන් කළේ, විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ 60% ක අමෙරිකානු වැසියන් දෙදෙනාටම පූර්ණ කැමැත්තක් නොදක්වන බවයි. ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට අවශ්‍ය බැවින් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙන බවයි සඳහන් කළේ.