Thursday, April 25, 2024

General line - 0115112241

රංගන හේරත් වාර්තා පොත් අලුත් කරමින් තෙවන තැනට එයි




ටෙස්ට් වරම් දිනූ සෑම කණ්ඩායමකටම එරෙහිව ඉනිමකදී කඩුලු 5 ක් දවා ගත් ලොව 3 වන පන්දු යවන්නා ලෙස රංගන හේරත් අද (05) වාර්තා පොත් අතරට එක් වුණා.

එ් සිම්බාබ්වේ පළමු ඉනිමේදී ලකුනු 89 කට කඩුලු 5ක් දවා ගනිමින්. මීට පෙර මෙවැනි දස්කමක් දක්වා තිබුණේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටෙයින් විසින්.

මේ වන විට ටෙස්ට් තරග 75 කට කී‍්‍රඩා කර ඇති රංගන හේරත් කඩුලු 5 බැගින් අවස්ථා 27 කදී දවාගෙන තිබෙනවා.

රංගන හේරත් ඔස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානයට එරෙහිව පමණක් අවස්ථා 6 බැගින් එවැනි දස්කම් තබා තිබීමද කැපී පෙනනවා.

නවසීලන්තයට එරෙහිව කඩුලු 4 බැගින් අවස්ථා 4 කදීත්, බංග්ලාදේශය, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාවට එරෙහිව අවස්ථා දෙක බැගිනුත් රංගන හේරත් කඩුලු 5 බැගින් දවා ගෙන තිබෙනවා.

සිම්බාබ්වේ පළමු ඉනිම අද දිනයේ ලකුණු 272 කට සීමා වූ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 504ක් රැස් කළා.

මේ අතර  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන ඉනිම කී‍්‍රඩා කරන සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුල් කඩුලු කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකින් දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.

කෞෂාල් සිල්වා ලකුණු 6කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. උපුල් තරංගට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 17ක් පමණයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිම මීට නොබෝ වේලාවකට පෙර දැක්වුණේ කඩුලු 3 කට ලකුණු 51 ක් ලෙසයි.

rangana-700