Saturday, April 20, 2024

General line - 0115112241

දේශපාලන වාසි ගන්න මහ ඇමති බොරු කියනවා අණ්ඩුකාරයා කියයි




උතුරේ ගැටලූ විසඳීම සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවට ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් කළ ප‍්‍රකාශය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිදු කළ එකක් බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. බී බී සී ලෝක සේවය සමග පැවැත් වූ සාකච්ඡාවකදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා.

උතුරු පළාතේ සංචාරය කළ එක්සත් ජාතීන්ගේ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමැති ජොයිස් එන්ලි හමු වූ අවස්ථාවේදී විග්නේෂ්වරන් ප‍්‍රකාශ කළේ උතුරේ නිසි පාලනයක් නොමැති බවයි.

උතුරු ප‍්‍රදේශයේදී ඉකුත්දා තරුණයන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය වැනි කරුණු මත පදනම්ව එහි පාලනය බිඳ වැටී ඇති බවට සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්‍ෂේප කරන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා.