Saturday, April 20, 2024

General line - 0115112241

හඳුනාගැනීමේ පෙරෙට්ටුවට නව ඇඳුමක්




සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් කිරීමේදී නව ඇඳුමක් යොදා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ පැවසුවේ එ් සඳහා විශේෂ කබායක් යොදා ගැනීම දින කිහිපයකට පෙර ආරම්භ කළ බවයි.

එම විශේෂ කබාය ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කර තිබෙනවා. මේ දක්වා හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා සැකකරුවන් බන්ධනාගාරයෙන් රැුගෙන යන අවස්ථාවේදී යොදා ගත්තේ රෙදි ආවරණයි.