Friday, April 26, 2024

General line - 0115112241

රුපියල් 500 සහ 1000 තහනම්…




ඉන්දියානු රුපියල් පන්සියය සහ දහසේ නෝට්ටු අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මහජනතාව සතු මුදල් නෝට්ටු මාරු කර ගැනීමට දින 5ක කාලයක් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. රුපියල් රුපියල් 500 සහ දෙදහසේ නෝට්ටු අලූතින් හඳුන්වාදීමටද ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව තුළ ඇති ස්වයංකී‍්‍රය මුදල් ලබා ගැනීමේ යන්ත‍්‍රද දින දෙකක කාලයක් කි‍්‍රයා විරහිත කිරීමටයි ඉන්දීය බලධාරීන් කටයුතු යොදා ඇත්තේ. නීති විරෝධී ආකාරයෙන් රැුස්කර ඇති මුදල් හෙවත් කළු සල්ලි ගොඩගැසීම වැළැක්වීම මෙහි අරමුණක් වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.