Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්තයේ ලාබාලම ක්‍රීඩකයා ඉන්දියාවට එරෙහිව පිටියට




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය රාජ්කොට් හිදි අද (09) ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත  කණ්ඩායම තීරණය කළා.

19 හැවිරිදි හසීබ් හමීඞ් එංගලන්තය වෙනුවෙන් අද ටෙස්ට් වරම් දිනා ගැනීමද විශේෂත්වයක්. ඔහු වාර්තා පොත් අතරට එක් වූයේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ලාබාලතම කී‍්‍රඩකයා ලෙසයි.