Thursday, April 25, 2024

General line - 0115112241

රංගන හේරත්ගේ අභියෝගය මැද සිම්බාබ්වේට තවත් 311 ක් අවශ්‍යයි




ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ අවසන් දිනය අදයි. ජයග‍්‍රහණය සඳහා ලකුණු 491 ක ඉලක්කයක් හඹා යන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (09) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් ලබාගෙන සිටියා.

තරගය ජයග‍්‍රහණය කිරීමට නම් ඔවුන් තවත් ලකුණු 311 ක් ලබාගත යුතු වනවා.

ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුලු 03 ක් පමණයි. නැවත වරක් සුපිරි පන්දු යැවීමක නිරත වන රංගන හේරත් ලකුණු 45 කට කඩුලු පහක් දවාගෙන සිටිනවා.

සිම්බාබ්වේ පළමු ඉණිමේ දී ඔහු කඩුලු පහක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. මෙම තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද රංගන හේරත්.


සිම්බාබ්වේ පිලට ලොකු ඉලක්කයක්

(Nov 9, 2016 @ 18:55)

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 491 ක ඉලක්කයක් ලැබී තිබෙනවා.

ශ‍්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 504 යි. දෙවන ඉණිමේ දී ඔවුන් කඩුලු නවයක් දැවී ලකුණු 258 ක් ලබා ගත්තා.

සිම්බාබ්වේ පළමු ඉණිම ලකුණු 272 යි. දෙවන ඉණිම සඳහා මේ වනවිට ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 32 ක් ලබාගෙන සිටිනවා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණු 459 ක් ලබාගත යුතුයි. ඒ සඳහා කඩුලු 8 ක් ඉතිරිව තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ හරාරේ නුවරදීයි.