Friday, April 19, 2024

General line - 0115112241

හිලරිගේ ජය පතා පොල් ගැසූ උතුරේ දේශපාලඥයන් දැන් ට්‍රම්ප් පසුපස (PHOTOS)




එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනිම සඳහා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සහය අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් පවසනවා.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට ජය පතා උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් යාපනය නල්ලූර් කන්දසාමි කොවිලේදී ඉකුත් 03 වැනිදා පොල් ගසා දේව මෙහෙයක් සිදුකළා.

නමුත් මීට පෙර හිලරි ක්ලින්ටන්ට ජය පතා විවිධ දේව කන්නලව් ද සිදු කළත් අමෙරිකානු ජනතාව ලබාදුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීන්දුවට තමන් දැන් හිස නමන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මීට පෙර හිලරි ක්ලින්ටන්ට සහය දැක් වූ නිසා ඩොනල්ඞ් ට‍්‍රම්ප් තමන් සමඟ හෝ ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව සමඟ විරසක නොවනු ඇතැයි ද විශ්වාස කරන බවත් එම්. කේ. සිවාජිලිංගම් මෙහි දී කියා සිටියා.

මේ අතර නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනින් අද (10) විමසා බැලෙන්නේ ද ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙන් පසු ඇතිවිය හැකි නව දේශපාලන තත්වයන් පිළිබඳවයි. ශ‍්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ එහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

 (පසුගියදා හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ජය පතා පොල් ගැසූ ඡායාරූප පහතින් දැක්වෙයි)
sivajilingam-01 sivajilingam-02 sivajilingam-03 sivajilingam-04 sivajilingam-05