Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ටයි මෙම කැඳවීම සිදු කර ඇත්තේ.

සාකච්ඡාව 2017 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) රාත‍්‍රියේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු කිරීමට නියමිතයි.