Friday, March 29, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ ඉටි පිළිරුව නිමවෙමින් (VIDEO)




අමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජීවමාන ප‍්‍රමාණයේ ඉටි පිළිරුවක් තැනීම සුප‍්‍රකට මැඩම් ටුසෝඞ්ස් කෞතුකාගාරයේ බි‍්‍රතාන්‍ය ලන්ඩන් නුවර ශාඛාව විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ලබන ජනවාරී මස ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට පෙර මෙහි කටයුතු අවසන් කරන බවයි නිර්මාණකරුවන් පවසන්නේ. මෙම ඉටි පිළිරුව සකස් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මේ අතර ඩිස්නිලන්තයේ ජනාධිපතිවරුන්ගේ ශාලාවට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අනුරුවක් ඇතුළත් කිරීමට ද එහි පරිපාලකයින් සූදානම් වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

බරක් ඔබාමා දක්වා අමෙරිකාවේ සිටි සියලු ජනාධිපතිවරුන්ගේ ජීවමාන ස්වරූපයේ අනු රූ මෙම ශාලාවේ තබා තිබෙනවා.

ඩිස්නිලන්තයේ පරිපාලකයින් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන වසරේ ජනවාරී 17 වැනිදා සිට ජූනි 29 වැනි දා දක්වා ජනාධිපතිවරුන්ගේ ශාලාව අලුත්වැඩියාවක් සඳහා වසා තැබෙන බවයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අනුරුවක් එහි පිහිටුවීම මෙම කාලය තුළ සිදුවනු ඇතැයිද විශ්වාසය පල වනවා.

trump-70-iii 3a3603cb00000578-3921662-image-a-78_1478727638425 3a3603d500000578-3921662-image-a-74_1478727601256 3a36022e00000578-3921662-image-m-80_1478727737184-1 3a36028d00000578-3921662-image-a-76_1478727618729 3a36029200000578-3921662-image-a-79_1478727646165 3a36032300000578-3921662-image-a-73_1478727595308 3a36032800000578-3921662-image-a-75_1478727611758

 

hall-of-presidents-00 hall-of-presidents-gallery02