Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ජයෙන් ජය – රංගන ලෝක වීරයන් අතරට




ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඒ ලකුණු 257කින්.

දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා ලබා ගත් අර්ධ ශතකවලින් දෙවැනි ඉනිම ශක්‌තිමත් කර ගත් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 491 ක ඉලක්කයක් ලබා දුන්නා.

ඒ අනුව තරගයේ සිව්වැනි දිනටවූ ඊයේ තරගය නවතාදැමීමට හෝරා තුනක්‌ ඉතිරිව තිබියදී පිති ප්‍රහාරයේ යෙදෙමින් සිටි සිම්බාබ්වේ පිල කඩුලු 3ක්‌ දැවී ලකුණු 64 ක්‌ ලබා සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායමට අද දිනයේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 233ක් පමණයි.

රංගන හේරත් දෙවන ඉනිමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 8ක් දවා ගනු ලැබුවා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් රංගන හේරත් ලෝක ක්‍රිකට් පිටියේ වීරයන් අතරට එක්ව තිබෙනවා.

ඒ කඩුලු 350ක් ලබා ගත් වයස්ගතම පන්දු යවන්නා ලෙසයි.

මේ වන විට රංගන හේරත්ගේ වයස අවුරුදු 38ක් සහ දින 236ක් වනවා.

vv